මාක් සමරනායකගේ දුව පැරිසියේ දී කළුරිය කරයි


ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයේ අරම්භක නළුවකු වූ මාක් සමරනායකගේ එකම දියණිය ශිරානි සමරනායක ද සිල්වා පැරිසියේ රෝහලක දී අභාවප්‍රාප්ත විය.

50 දශකයේ තිරගතවූ දුප්පතාගේ දුක චිත්‍රපටයේ කුඩා චරිතයකට පන පෙව් ඇය තුන් දරු මවකි.

අවසන් කටයුතු 15 වැනි දා පැරිසියේ දී සිදු විය.