මා ඔයේ වැලි ගොඩ දැමීම වසර තුනකට තහනම් කරන්න යයි


(ආරියරත්න රණබාහු)

මා ඔය ගඟේ වැලි ගොඩ දැමීම වසර තුනකට තහනම් කළ යුතුයැයි ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

එම ගංගාව හා ආශ්‍රිත ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාවට ජලය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වයට වඩා දරුණු තත්ත්වයක් ඇති විය හැකි යැයි ද කී ඇමතිවරයා වැලි නිධි එකතුවීම සඳහා අවම වශයෙන් වසර තුනක්වත් යන බව කියයි.

මේ සම්බන්ධයෙන් අදාළ නිර්දේශ සහිතව කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය.