හදිසි ආපදාවක දී මිය යන පුද්ගලයන් හඳුනාගැනීමේ හෝ ඔවුන් නිසි පරිදි මිහිදන් කිරීමේ නිශිචිත වැඩපිළිවෙළක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවීම ගැටළුවක් යැයි රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ආපදාවට ලක්ව මිය යන්නන්ගේ මළ සිරුරු හඳුනාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
2004 වර්ෂයේ සුනාමියෙන් 30,000ට අධික පිරිසක් පැය කිහිපයක දී මියයන තුරු ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල ආපදාකළමනාකරණ වැඩපිළිවෙලක් නොතිබූ බව ද වෛද්‍ය පෙරේරා මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටිනේනේ සුනාමියෙන් පසු ජාතික ආපදා කළමනාකරණ පනත ස්ථාපිත කළ ද එහි දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයේ දී අවධානයක් යොමු කැර ඇත්තේ ආපදාවකදී සායනික ප්‍රතිකාර අවශ්‍ය තුවාලකරුවන්ට ක්ෂණික ප්‍රතිකාර ලබාදීම සඳහා පමණක් බවයි.
විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා මෙසේ ද කීවේය.
‘ සුනාමිය පැමිණෙන තුරු අපේ රටේ ස්වභාවික ආපදා ගැන කතිවකාවතක් තිබුණේ නැහැ. නමුත් ඉන් පසු පනත් පවා සම්මතවුණා. දැන් තුවාල කරුවන්ට කඩිනම් ප්‍රතිකාර කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් රජයේ සියළුම රෝහල්වල කි්‍රයාත්මක වනවා. නමුත් මියයන පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කැරගන්නේ කෙසේ ද හඳුනාගත නොහැකිවන මළ සිරුරුවලට කුමක් කරනවා ද මිහිදන් කරනවානම් එය කෙසේ සිදුකළ යුතු ද කියන එක ගැන නිශ්චිත වැඩපිළිවෙලක් තවමත් රටේ ක්‍රියාත්මක වී නැහැ. ‘
වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ අදින් වසර නමයකට පෙර සුනාමියෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු අති විශාල ප්‍රමාණයක් හඳුනාගත නොහැකිව මිහිදන් කළ බවයි. නමුත් මෙවැනි අවස්ථාවක දී සිරුරු හඳුනාගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් දැනට මිහිදන් කැර ඇති හඳුනානොගත් මළ සිරුරු විශාල ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකියාව තිබූ බව ද ඒ මහතා පවසයි.
‘ සුනාමිය දැන් අවසන්. වසර නමයක් ගෙවී ගිහින් තිඛෙනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ හඳුනානොගත් පුද්ගලයන් 135කගේ සිරුරු කොටස් තිඛෙනවා. ඉන් 20ක් පමණ අනන්‍යතාව තහවුරුකැර ගත හැකි මට්ටමේ තිඛෙනවා. ඇතැම් ඒවායේ හැඳුනුම්පත් පවා තිඛෙනවා. ඒ සියල්ල සුනාමියෙන් රෝහලට ගෙන ආ සිරුරු මිහිදන් කිරීමෙන් පසුව ප්‍රාදේශීය සභා හා හමුදාව විසින් ප්‍රදේශය පවිත්‍ර කිරීමේදී මාස දෙකකට පමණ පසු හමුවූ සිරුරු. ආපදා අවස්ථාවක දී මිය යන සංඛ්‍යාව අතිවිශාල විය හැකියි. එවැනි විටෙක සම්පූර්ණ පවුල් විනාශ වනවා. බොහෝ සිරුරු සොයාගන්නා විට හඳුනාගත නොහැකි තරමට විකෘති වෙලා තිබිය හැකියි. මේ සිරුරු හඳුනාගැනීමට අපි නිශ්චිත ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ‘
වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ ආපදා අවස්ථාවකදී විපතට පත්ව ජීවත්ව සිටින්නන් වෙත යොමුවන අවධානය හා සමානව ම මියයන්නන් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවයි. ආපදාවකදී මියයන පුද්ගලයන් හඳුනාගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ යුතුයැයි ද ඒ මහතා අවධාරණය කරයි.