මළගමටත් පාතාලයෙන් බාධා


මැරයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ සන්නද්ධ පොලිස් ආරක්ෂාව යටතේ මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරිකයාගේ හා ඔහුගේ බිරියගේ අවසන් කටයුතු දොමන්විල පොදු සුසාන භූමියේදී සිදුවිය.

මළ ගෙදරට නොයන ලෙසත්, කොඩි හා සැරසිලි නොකරන ලෙසත් පාතාලයෙන් ගම්වැසියනට තර්ජනය කර තිබිණි. එහෙයින් වැඩිදෙනෙක් ගෙවල්වල සිටි බව පෙනිණි. නිවසේ සිට කිලෝමීටරයක් පමණ ඈතින්වූ මීටියාගොඩ නගරය මැදින් අවමංගල පෙරහර ගමන් කළේය. ඊට සහභාගීවූ බොහෝ දෙනා මීටියාගොඩ පොලිසියට දොස් කීය. ඔවුන් බොහෝ දෙනා කීවේ මීටියාගොඩ පොලිසිය මියගිය පුද්ගලයන්ගේ පැමිණිලි නිසි ලෙස විභාග කළේ නම් ඒ දෙදෙනා අදත් පණ පිටින් සිටින බවයි.

ඝාතකයන් අත් අඩංගුවට ගෙන නැති නමුත් විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා ඇතැයි පොලිසිය කියයි.

ගැමියන් පවසනුයේ ඝාතකයන් ගම හොල්ලාගෙන සිටින බවයි.

DSC_2019 DSC_2023 DSC_2161 DSC_2188 DSC05454 DSC05456 DSC05459 DSC05469 DSC05471 DSC05473 DSC05474 DSC05489

ඡායාරූප - ජනත් ද සිල්වා