කොළඹ ජාතික රෝහලට පොලිසියෙන් රැගෙන එන නාදුනන මළ සිරුරු බාර ගැනීම තාවකාලිකව නතර කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
මේ බව බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති මගින් කොළඹ සියලුම පොලිසිවලට දන්වා ඇතැයි ඔහු කියයි.
එසේ ගෙන එන සිරුරු මාස ගණනක් තිස්සේ මෘත ශරිරාගාරයේ තැබීමෙන් එහි තදබදයක් හා දුර්ගන්ධයක් ඇති වී අවට පරිසරයට බලවත් හානි සිදු වන බව ද එහු පවසයි.