මළ සිරුර බාර නොගත්තාට දොස්තර උසාවි කැඳවයි


මොරොන්තුඩුව ඉපිලිස්ස පාලම යට තිබී හමුවූ නාඳුනන මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම ගැන කරුණු දැක්වීමට කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේමන්ත සිල්වා මහතාට ලබන 7 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියෝග කෙළේය. එම නිලධාරියා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා තවත් නියෝගයක් කෙළේය.