මළ මව හත් දවසේ දානය දා ගෙදර එයි


කඩවත රන්මුතුගල දී පසුගිය අට වැනි දා රිය අනතුරකින් මිය ගිය වැඩිහිටි කාන්තාවකගේ හත් දවසේ දානය පැවැති අද එම කාන්තාව ගෙදර පැමිණියාය.

හත්දරු මවක වන ඇගේ දරුවෝ තිදෙනෙක්ම සිරුර හදුනා ගැනීමෙන් පසුව දින හතරක්ම සිරුර ගෙදර තබා ගැනිණි.

වැරදි සිරුරක් ගෙදර ගෙන යෑම නිසා මේ තත්ත්වය උදා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.