මළ බතට බෝම්බය හරස් වේ


නොච්චියාගම මළගෙදරක මළ බත පිළියෙළ කරමින් තිබිය දී බෝම්බයක් පිපිරීමෙන් හතර දෙනකු සුළු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව රෝහල් ආරංචි කියයි.

එළියේ ලිපක් බැඳ ලොකු හට්ටියක බත් ඉදෙමින් තිබියදී මේ බෝම්බය පිපිරී ඇත.

බෝම්බය වළලා තිබෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

DSC04572