මළ පෙම්වතාට පෙම්වතිය සාධාරණය පතයි


තංගල්ලේ හෝටලයකදී පසුගිය 2011 නත්තල් දින මරා දැමූ  පෙම්වතා  වූ කුරාම් ෂයික් (32) බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතියට අත් වූ ඉරණම ගැන පළමුවරට ශ්‍රී ලංකාවේ දී කතා කළාය. කුරාම් රතු කුරුස සේවකයෙකි. පෙම්වතිය වික්ටෝරියා ටිකවේවා සිය නමින්ම එදා සිද්ධිය විස්තර කළාය. මැර කල්ලියක් තමා කෙළසූ හැටි ඇය කීවාය. 2009 දී කුරාම් හමුවී තංගල්ලේ නේචර් රිසෝර්ට් හෝටලයට පැමිණි ආකාරය ද ඇය සඳහන්  කළාය. කුරාම් මියගිය බව ද , තමා නිරුවත් කැර කාමරයේදී කෙළසූ බව ද සිහිපත් කළ ඇය තමන්ට සාධාරණය ඉෂ්ඨ නොවෙතියි කීවාය.