මළ නෙතින් ලක්ෂයකට පෙනුම


ගතවූ වසර 42 දී ඇස් දන්දීමට කැමැත්ත පලකළ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දස ලක්ෂයකට වැඩි යැයි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි.  ඒ අතරින් 1961 සිට මේ දක්වා ඇස් 100,000 ක් පමණ දන්දී ඇතැයි ද ඒවා මෙරට අවශ්‍යතාවලට යොදා ගැනීමෙන් පසුව ඉතිරිය විදෙස් රවටලට නොමිළයේම යවා ඇතැයි ද  අක්ෂිදාන සංගමයේ කළමණාකරු ජනක් මාතරආරච්චි මහතා පවසයි. ඇසේ කුණිතය මෙලෙස බද්ධ කිරීම් සඳහා යොදා ගන්නා අතර විවිධ හේතූන් මත වෙනත් අයකුට ලබාදිය නොහැකි ඇස් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කරන බව ද එම සංගමය පවසයි.