මළ ගෙදර යද්දී අලි ගණන්කාරයෝ පාර හරස් කරති


පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩියේදී පෙරදින රාත්‍රියේ වල් අලි ප්‍රහාරයකින් වෑන් රියක ගමන් කළ දෙදෙනෙක් තුවාල ලදහ.

මෙම පෙදෙස අලිමංකඩකි. රැයේත් දවාලේත් අලි පාර මාරු වෙති. පාර අයිනේ සිටි ඇතකු හා අලියකු එක්වරම වෑන් රියේ වාමුවාට පහරදී කැලයට වැදුණු බව එම සිද්ධියට මුහුණ පෑ අය කියති.

ඇතාගේ දළයෙන් වෑන් රියට හානි සිදුවී ඇත. කිරිඳිවැල සිට සාලියපුර මළගෙදරක යමින් සිටි පිරිසක් මේ සිද්ධියට මුහුණ පෑහ.

01[1] 05[1] 10[1]

ජායාරූප - එච් චන්දන

DSC09344~1[1] DSC09346[1]

ජායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ