කොළොන්න නගරයේ සංවර්ධනය වෙනුවෙන් එහි පොදු සුසාන භූමිය බෙදා ගැනීමට යයි.
සුසානයේ නිදන් කළ තිස්පස්දෙනකුගේ සිරුරුවල කොටස් යළි පෙට්ටිවල බහා දෙවනවරටත් පාංශකූල දී මඩුවන්වල සුසාන භූමියට ගෙන යනු ලැබීය.
ප්‍රදේශයේ පන්සල්වල හිමිවරු මතක වස්ත්‍ර පුජා කළහ.
කොළාන්නාව පොලීසිය හා ප්‍රාදේශිය සභාව ඥාතීන්ගේද කැමැත්ත ඇතිව ඇඹිලිපිටිය දිසා විනිසුරු නිල්මිණි ප්‍රැන්සිස් මහත්මියගෙන් ලද නීත්‍යානුකූල අවසරය මත මේ කටයුතු සිදු විය.
කොළොන්න නගරය සංවර්ධනයට ආසියා සංවර්ධන බැංකුව රුපියල් කෝටි පහහමාරක් වැය කැර ඇත. ඒත් ඒ සඳහා ඉඩ නොමැති නිසා සුසාසනය යොදා ගැනීමට සිසුවිය.