තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයට මිය ගිය සාමාජිකයන් ප්‍රසිද්ධ ස්ථානවල සැමරීමට ඉඩ දිය නොහැකි බවත් ඔවුන්ගේ ගෙවල් දොරවල් වල සැමරීමට කිසිදු තහනමක් නැති බවත් යාපනය අණ දෙන නිලධාරි මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා යාපනයේ පුවත්පත් සාකච්ජාවකදී පැවසීය.
මාධ්‍යෙව්දීයකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ගිය වසරේ යාපන සරසවියේ සිසු පිරිසක් ගිය වසරේදී සරසවිය ඇතුළේ මහවිරු දිනය පවත්වමින් සිටි බවයි. එවැනි දේට ඉඩ දිය නොහැකි බව ඔහු සදහන් කළේය.