මළ ඔය පාළමේ යකඩ හොර පාර වහයි


ගලේවෙල සිල්වත්ගම මළ ඔය පාලම සැදීමට ගෙන ආ යකඩ කම්බි තොගයක්  කොන්ත්‍රාත්කරුට නොදන්වා වැඩබිම අසල නිවසකට රැගෙනයාම ගැන පරීක්ෂණ අරඹා ඇත.රුපියල් තුන්කෝටියකට ආසන්න මුදලක් වැය කර මේ පාළම ඉදි කෙරෙනුයේ කොන්ත්‍රාත්කරුවකු විසිනි.

යකඩ කම්බි වෙනත් තැනකට රැගෙ ගොස් ඇතැයි ගමේ තරුණයෝ පිරිසක් එසැණ බවබ් අඩවියට සදහන් කළේය.

ඒ අනුව එසැණ එහි ගියේය.වැඩ බිම ඇතැම් සේවකයින්ගේ පරස්පර විරෝධි කතා නිසා එසැණ සැකය තවත් තහවුරු විය.

ඒ අනුව කොන්ත්‍රාත්කාර සමාගමේ වැඩ බිම ඉංජිනේරු පී චන්ද්‍රරත්න හා ප්‍රාදේශිය ඉංජිනේරු ජී එස් බණ්ඩාර මහත්වරු එහි ආහ. ඔවුන් පැවසුයේ අනවසරයෙන් මෙම යකඩ වෙන තැනකට ගෙන ගොස් ඇති බවයි.

එසැණ වෙබ් අඩවිය මේ ගැන උනන්දු වී වංචාව වැළැක්වීමට ගත් උත්සාහය පිළිබදව ඔවුන් සිය ස්තූතිය පළ ක‍ළේය.