මහ‍මෝදර ළදරු දැඩි සත්කාර ඒකකයේ සිවිලිම කඩා වැටේ


ගාල්ල මහමෝදර ළදරු දැඩිසත්කාර ඒකකයේ සිවිලිම අද සවස ළමයි රඳවා තිබූ වීදුරු කුටි මතට කඩා වැටීමෙන් එම ඒකකය තාවකාලිකව වසා දමා ඇත. දරුවන් හතරදෙනෙක් එහි සිටියදි අනතුර සිදුව ඇත. හෙදියක තුවාල ලැබූ නමුත් විදුරු කුටි ඇතුලේ සිටි බැවින් දරුවන්ට හානියක් නැත. රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ ළදරුවන් එම ඒකකයේම වෙනත් කොටසකට මාරු කළ බවයි. පසුගිය වසරේ විෂබීජ ඇතුළුවීම හේතුවෙන් දරුවන් කිහිප දෙනකු මෙම ඒකකයේදී මියයාමෙන් පසු මෙම ‍ඒකකය අළුත්වැඩියා කළේය. එම අවස්ථාවේ සිවිලිම අළුත්වැඩියා කැර නැත.