මහේස්ත්‍රාත්ටත් වරදී : එකම වරදට දෙවරක් දඬුවම්


එකම  වරදකට   දෙවරක්   සිරදඩුවම්   නියම  කරමින්  මහෙස්ත්‍රාත්වරයකු   දුන්   තීන්දුවක්   ප්‍රතිශෝදනය කළ කොළඹ  මහාධිකරණ විනිසුරු   ශිරෝමි  පෙරේරා   මහත්මිය මහෙස්ත්‍රාත්වරයාගේ   නියෝගය  හේතුවෙන්   නීතිය  අපගමනය වී   ඇතැයි   සඳහන්   කළාය.

එකම වරදකට   කාන්තාවකට   දෙවරක්   සිර  දඩුවම්  නියම කිරිම අධිකරණයේ   වරදක්   බවද සදොස් අධිකරණ  ක්‍රියාවලිය නිසා යුක්තිය  අපගමනය වී   ඇතැයි  ද  එම  කාන්තාව නිදහස්   කරමින්   ශිරෝමි   පෙරේරා   මහත්මිය  සඳහන්   කළාය.

කොළඹ 12 පර්ගියුෆන්  පාරේ   ෆොන්සේකා   යාලින්දේවි  මේ  අසාධාරණයට ලක්වී දස මාසයක් හිරගෙදර ගත කළාය.

ගෙයක්  හැදීමට   සින්නි  නයිරාගෙන්  2012/8/01 දින  ලබා  ගත්   රුපියල්   351,000 ක්   වංචා  කළ  බවට   කොටහේන  පොලිසිය යාලින්දේවීට   එරෙහිව නඩු පවරා    තිබු   අතර ඉන් රුපියල්  175,000 ක මුදලක්   රුපියල් 6000 බැගින්වූ සමාන  වාරික  වලින්   ගෙවිමේ  පොරොන්දුව  මත  නඩුව  සමථයකට   පත්  වු බව  පෙත්සමේ   සඳහන්   කොට   ඇත.

සමථය අනුව  මුල්  වාරිකය  ගෙවිය යුතු   2013/12/09 වැනිදා   වන  විට  දරු  ප්‍රසුතිය සඳහා   ඇය කාසල්  කාන්තා රෝහලට  ඇතුළත්   වි සිටියාය. ඇය උසාවියේ   පෙනී   නොසිටි  නිසා   මහෙස්ත්‍රාත්  ඇය  අත්අඩංගුවට   ගැනිමට   වරෙන්තුවක් නිකුත්   කළේය. ඇය  කාසල්   රෝහලේදි   දරුවා   ප්‍රසුත කළ  බවට   අදාළ   ලේඛන ද ඉදිරිපත්   කළත් රුපියල්   175,000 ක සම්පුර්ණ  මුදල  එකවර   ගෙවන  ලෙසත්   එසේ  නොවන්නේනම් ඇයට හය මාසයක සිර දඬුවමක් නියම කරන බවත්  කොළඹ  අතිරේක මහෙස්ත්‍රාත්  නිශාන්ත පිරිස්  මහතා   නියෝග කර ඇත.  මුදල්   ගෙවිමට   නොහැකි   වීම  නිසා   ඇයට සිර දඬුවම් නියම  විය. සිරදඬුවම විඳිමින්   සිටින  අතර   මහෙස්ත්‍රාත්වරයාගේ  තින්දුවට  එරෙහිව  ඇය අභියාචනයක්   ඉදිරිපත්   කළාය.

අධිකරණය ඇගේ අභියාචනය ඉවත දැමීය.  

මේ   අතර   අභියාචනා තින්දුව  කියවා   දිම      සඳහා   උසාවියට   පැමිණෙන ලෙස  කර   තිබු   නියෝගයකිට   අනුව  2014/12/15 උසාවිය හමුවේ පෙනි   සිටි   ඇයට  අභියාචනා තින්දුව  කියවා  දුන්   අතිරේක  මහෙස්ත්‍රාත්   නිශාන්ත  පිරිස්   මහතා  පෙර   නියම  කළ මාස 6 ක  සිර දඩුවම යළි   ක්‍රියාත්මක  කරන  ලෙස  නියෝග කර ඇත.

එකම  චෝදනාවට   දෙවැනි   වරටද  සිර දඩුවම්   විදිමින්   සිටින  විට  මාස  04 කට   පසු   මේ පිළීබඳව  කොළඹ   මහාධිකරණයට   දැනුම්   දුන්   විට  ඒ   අවස්ථාවේදි   ඇය  ඇප මත  මුදා   හැර   තිබිණි.

එකම  වරදක්   සම්බන්ධයෙන්   දෙවරක්   දඬුවම්   දිම  මගින්   ඇයට   යුක්තිය  ඉෂ්ට   විම  කෙසේ වෙතත් මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි  ද  ආණ්ඩු   ක්‍රම  ව්‍යවස්ථාවෙන්   සලසා  දි   ඇති   සාධාරණ  නඩු   විභාගයකයට   ඇති   අයිතිය  මෙන්ම    සියලු  පාර්ශවයන්ට   මුල  ධර්මය  උල්ලංඝණය  වි  ඇතැයි ද කි  නිතිඥ  උපුල්  දර්ශණ  මහතා   පෙනි ..... දෙවැනි වරට ද  වරදකරු   කරමින්   මහෙස්ත්‍රාත්වරයා   දුන්   තින්දුව  ප්‍රතිශෝදනය  කරන්නැයි   ඉල්ලීමක්  ද කළේය.

දෙපාර්ශවයෙන් ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීන්දු දෙකම හා දඬුවම් දෙකම නියම කර ඇත්තේ එකම චෝදනාවක් සම්බන්ධයෙන් එකම තැනැත්තියකට බව සඳහන් කළාය. එසේ දෙවරක් බන්ධනාගාර ගත කිරීම නීත්‍යනුකූල නොවන බව කී විනිසුරුවරිය ඒ හේතුවෙන් පෙත්සම්කාරියට අගතියක් සිදුව ඇතැයි කීවාය.

ඇයට අගතියක් සිදුවීමට ඉඩ නොතබන බව පැවසූ විනිසුරුවරිය පෙත්සම්කාරියට සිර දඬුවම් නියම කර කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කර ඇය නිදහස් කළාය.