බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය අද වාහන දෙකක්, ජංගම දුරකතනයක්, පහරදීම සඳහා යොදා ගත් මිටි හා අඬු හා පිස්තෝල දෙකක් රස පරීත්ෂකට යවා වාර්තාවක් ලබා ගැනීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා අවසර දුන්නේය.
එක් වාහනයකින් සොයා ගත් ලේ පැල්ලම් ද ඩී එන් ඒ ජාන පරීක්ෂණයකට යැවීමට නියම විය.
සිද්ධියේ තෙවැනි සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය.
ඔහුගේ බිරිය දුරකතනයෙන් කතා කරමින් පැමිණිල්ලට බලපෑම්කරතියි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඇයට නොතීසි නිකුත් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
සැකකරුවන් දෙදනකු මහේස්ත්‍රාත් නිලමැදිරියේදී කළ රහසිගත ප්‍රකාශයේ පිටපතක් රහස් පොලිසිය ඉල්ලූ නමුත් මහේස්ත්‍රාත් එය ප්‍රතික්ෂේප කළේය.
පැමිණිල්ලට එම ප්‍රකාශ ලබා දීමෙන් විත්තියට අගතියක් වේයැයි සැකකරුවන්ගේ නීතීඥවරු මහේස්ත්‍රාත්ට කරුණු දැක්වූහ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති ලබන නව වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සියාම්ගේ මිතුරකු ද, පොලිසියේ සිව් දෙනෙක් ද ඇතුළු හය දෙනෙක් රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගනු ලැබ සිටිති.
(ඡායාරූප කිත්සිරි ද මෙල්)
(ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)