කුලියාපිටිය කම්කරු උසාවියේ මුර කාමරයට වැදුණු සුදු නයෙකු අල්ලා කන්කානියමුල්ල රක්ෂිතයට මුදා හැරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඉදිරිපත් විය.
කම්බි කොක්කකින් නයා අල්ලා බකට්ටුවකට දමා ගත් මහේස්ත්‍රාත්වරයා සිය කාරයෙන් කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි රක්ෂිතය අසලට ගොස් නයා මුදා හැරියේය.

