මහේස්ත්‍රාත් වසන් කරන සූත්තරේ පිටපට යයි


තිළිණ ගමගේ හිටපු මහේස්ත්‍රාත් ගංගොඩවිල උසාවියෙන් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ඇප ලබා පිටව යද්දී ඡායාරූප ශිල්පීන්ට බාධා කිරීම සඳහා කලිසම් හා ටී ෂර්ට් හැඳ සිටි හැඩි දැඩි පිරිසක් සෑහෙන උත්සාහයක් ගත්හ. කළු කෝට් ඇඳ සිටි ඇතැමෙක් ද ගමගේ කැමරාවලින් වසන් කළහ. 

හිටිගමන් එහි පාත්වූ මෙම පිරිස කාර්වලින් පැමිණි බව කියති. ඔවුන් මාධ්‍යවේදීනට හරස් කපමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරෙද්දී නිල ඇඳුම් ඇඳ එහි සිටි පොලිසිය නිකම්ම බලා සිටියේය. මැරයන් සේ හැසිරුණු එම පිරිසේ 20කට 25කට ආසන්න පිරිසක් වූහ. එතරම් පිරිසක් සිටියත් ගමගේගේ පින්තූර ගැනීම වැළැක්වීමට ඔවුන්ට නොහැකි විය. ගමගේ පිටවී ගියේද අධිකරණයේ පස්සා දොරිනි. රාජකාරියට පැමිණි පොලිසියේ හය දෙනෙක් පමණ එම ස්ථානයේ සිටියත් අධිකරණ භූමියේ වූ එම නොසන්සුන්කම හමුවේ දෑත් බැඳගෙන සිටි බව මාධ්‍යවේදීහු කියති. ඔවුන් කළ එකම දෙය වූයේ හිටපු මහේස්ත්‍රාත් ගමගේ එම ස්ථානයෙන් බැහැරවී ගිය පසු ගේට්ටුව වැසීම පමණි.

ඔවුන්ගෙන් ඇතැමෙක් කැමරා ශිල්පීන් තල්ලු කළහ. (පින්තූර) ගන්න එපා, ගන්න එපා යනුවෙන් කෑ ගැසූහ. පිරිසක් එකවිට අත් ඔසවමින් තිළිණ ගමගේ කැමරා කාචවලට හසු නොවීමට ක්‍රියා කළහ. මහේස්ත්‍රාත්වරයා පිටව යද්දී එම පිරිස ද ඔහුට පසුපසින් කාර්වලින් ගමන් කළහ.

0.02.01.3c0f021eedf433f0f55ab10aa20a6c20631a21d4bda36d15afb0fdb7a0803138_full

IMG_1215 IMG_2847 IMG_2861 IMG_2911IMG_2960