මහේස්ත්‍රාත් රියට ගල් ගැසීයැයි පහක් සැකපිට


අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය සිය නිල රථයෙන් කහටගස්දිගිලියේ සිට අනුරාධපුරයට එමින් සිටියදී මිහින්තලේ කනදරා වෑ කණ්ඩියේදී ගල් ප්‍රහාරයක් එල්ල විය.

සැකපිට පස් දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් බීමතින් සිටියේදැයි සොයා ගැනීමට වෛද්‍ය වාර්තාවක් කැඳවීය.

ගල්පහරින් වාහනයට සුළු අලාභ හානි සිදුවිය.