මහේස්ත්‍රාත් මීරිගම පොලිසියට හොදටම දෙහි කපයි


මීරිගම පොලිසිය කිසිම සූදානමක් නැතිව පැමිණීම නිසා උසාවියත්, මහජනතාවත් කරදරයටත්, හිරිහැරයටත්, රස්තියාදුවටත් පත්වෙතියි අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය ප්‍රකාශ කළාය.

වසර දෙක තුන පැරණි නඩු බී වාර්තා මගින් කැඳවන බවත්, කොතෙකුත් අවවාද කළත් වරද නිවැරදි කර නොගන්නා බවත් මහේස්ත්‍රාත්වරිය කීවාය.

එවැනි නඩු හතරක විත්තිකරුවන් මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.