මහේස්ත්‍රාත් දේහය කනත්තට නොයයි


කඩුවෙල හිටපු වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු වන කදුරුවාන ඥාණසිරි මහතාගේ දේහය අවසන් කටයුතු සිදු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුගේ සිරුර වැඩිදුර පරීක්ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය පීඨයට යවන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා තලංගම පොලිසියට නියෝග කළේය. අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබියදී පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මෙම මරණය සැක සහිත බව තලංගම  පොලිසිය අධිකරණයට සැල කිරීමෙන් පසු එම නියෝගය කෙරිණි.