මහේස්ත්‍රාත් උසාවියේ අවුලක්


කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  අමිල ආරියසේන මහතාගේ ක්‍රියා කළාපයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නීතීඥවරු පිරිසක්  අද (29) විරෝධය පෑහ.

මෙම මහේස්ත්‍රත්වරයා නීතීඥයින්ගේ කරුණු දැක්වීම් හා විරෝධතාවලට ඉඩ නොදෙන බවත් එයින් තමන් හා තම සේවාදායකයිනුත් අසීරුට පත් වන බව නීතීඥවරු කියති.

මේ ගැන අධීකරණ සේවා කොමිසමට පැමිණිලි කරන බවද ඔවුහු කියති.