අතුරුගිරියේ ගුවන් අනතුර සිදු වු ස්ථානයට කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මින් මද වේලාවකට පෙර පැමිණියේය.
එහි මූලික පරීක්ෂණ පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්ෂණ පවත්වන ලෙස පොලීසියට නියෝග කළේය.
උදේ 6.10ට පමණ මෙම අනතුර සිදු වු මොහොතේම පොලීසියේ 119 හදිසි ඇමැතුම් ඒකකයට දැන්වු නමුත් බලධරයින් පැමිණියේ මිනිත්තු 45ක් පමණ ප්‍රමාද වී යැයි අතුරුගිරියේ ව්‍යාපාරිකයින්ද ප්‍රදේශවාසිහුද කීහ.
මේ අතර ඒ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පවතී.
යානය වැටී ගිනි ගනිද්දී කුඩා දරුවන් ඇතුළු ගම්වැසියෝද වතුර භාජන රැගෙන ගින්න නිවීමට දැඩි උත්සාහයක් ගත් බව ද කියති.
(වීඩියෝ විශ්ව ගැමුණු)
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි












































