අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ඊයේ (09) කාඞීෆ්හිදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන්, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීති උල්ලංඝණය කිරීමේ වරදට දැඩි අවවාද ලබා තිබේ.
මහේල සහ ඩිල්ෂාන් මෙහිදී දිගින් දිගටම දැවී යෑම් සඳහා ඉල්ලීම් කිරීමට වරදකරුවන් කළ තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා දැඩි අවවාද කර තිබේ.
මහේල සහ ඩිල්ෂාන් වරද පිළිගෙන සමාව ඉල්ලා ඇති අතර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විනය නීති මාලාවට අනුව මෙම වරදට උපරිම දඩුවම ලෙස තරග මුදලින් 50% ක දඩයකට යටත් කිරීමේ හැකියාව තිබේ.