මහේලගේ ස්ථානයට තිලාන් කැඳවයි


ආබාධයකට ලක්වූ මහේල ජයවර්ධන වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ජ්‍යෙෂ්ඨ පිතිකරු තිලාන් සමරවීර කැඳවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. බංග්ලාදේශයට එරෙහිව ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ 20 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ තිලාන් සමරවීරට ස්ථානය අහිමිවිය.