අයි. පී. එල්. තරගාවලියේ 24 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 86 ක පහසු ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
මෙම පරාජයත් සමගින් දිල්ලි පිල තරගිවලියේ මෙතෙක් සහභාගීවූ තරග 6 ම පරාජයවී තිබේ.
චෙන්නායි පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නියැලෙමින් ලකුණු 66 ක් රැස්කළ මයිකල් හසී තරගයේ වීරයා බවට පත්විය. පන්දු 50 කින් වාර්තාවූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්විය.
දෙවැනි කඩුල්ලට සුරේෂ් රයිනා (30) සමග ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හසී, මහේන්ද්‍ර සිං දෝනි (44) සමග ලකුණු 74 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු ප‍්‍රමාණය 169 දක්වා ඔසවා තැබීය.
ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ සියලූ කී‍්‍රඩකයන් ලකුණු 83 කට දැවී ගියහ. නැවතත් වරක් අසාර්ථකවූ මහේල ජයවර්ධනට පන්දු 11 කදී ලබාගත හැකිවූයේ ලකුණු 6 ක් පමණි.
අද තරගය සඳහා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට ජීවන් මෙන්ඩිස් කී‍්‍රඩා කළ අතර ඔහුට එකදු ඕවරයක් හෝ යැවීමට අවස්තාව නොලැබිණ. පන්දුවට පහර දීමේදීද ඔහු ලකුණු 12 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමකට හසුවිය.
නවක කී‍්‍රඩක මෝහිත් ශර්මා ඕවර 3 ක් යවා ලකුණු 10 කට දිල්ලි පිලේ පළමු කඩුලූ 3 ම දවාගැනීමට සමත්විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 169
(මයිකල් හසී නොදැවී 66, මුරලි විජේ 18, සුරේෂ් රයිනා 30, මහේන්ද්‍ර සිං දෝනි 44)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 83
(විරේන්ද්‍ර ෂෙවාග් 17, ජීවන් මෙන්ඩිස් 12, කේදාර් ජාදව් 31, මොහිත් ශර්මා 10/3, රවිචන්ද්‍රන් අශ්වින් 18/2)
(**)