ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 39 වැනි තරගය ලෙස රායිපූර්හිදී අද (28 වැනිදා) පැවැති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලකුණු 15 කින් පූනේ වෝරියස් පිල පරාජය කරමින් තරග 9 කදී දෙවැනි ජය ලැබීය.
දිල්ලි පිලේ නායක ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පන්දු 17 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 12 ක් රැස් කළේය. පූනේ පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට ද ක‍්‍රීඩා නොකළේය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 164 (මහේල ජයවර්ධන 12, විරේන්ද්‍ර සෙවැග් 28, ඬේවිඞ් වෝනර් නොදැවී 51, කෙඩර් යාදේව් 25, අශෝක් ඩින්දා 31/3)
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 149 (රොබින් උත්තප්පා 37, අරෝන් ෆින්ච් 37, යුවරාජ් සිං 31, ලූක් වයිට් 19, ස්ටීවන් ස්මිත් නොදැවී 17, ඉර්ෆාන් පතන් 29/2, උමේෂ් යාදේව් 24/2)