මහේලගේ උත්සහය අපතේ යයි


පන්දු 52 කදී ලකුණු 66 ක් ලබාගනිමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක යෙදීමට මහේල ජයවර්ධන සමත් වුවද, 2013 අයි. පී. එල්. තරගාවලියේ පළමු තරගයේදීම කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වූ හෙයින් මහේලගේ උත්සහය අපතේ ගියේය.

මහේල දියත්කළ නායකත්වයේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්විය.

කොල්කටාහීදී පැවති මෙම තරගයේ පළමු පන්දුවේදීම (තරගාවලියේ පළමු පන්දුව) දිල්ලි කණ්ඩායමේ අන්මුක්ත් චන්ද් දවාලීමට බ්‍රෙට්ලී සමත්වීම නිසා දිල්ලි කණ්ඩායම ආරම්භයේදීම අමාරුවේ වැටිණ.
 
තරගයේ වීරයා බවට පත්වූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නරේන් ලකුණු 23 කට කඩුලූ 4 ක් දවා ගනිමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ලකුණු 128 කට සීමා කිරීමට සමත්විය.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර් පන්දු 29 කදී වේගවත් ලකුණු 42 රැස්කළ අතර ඉයන් මොර්ගන් (13) සහ යූසෆ් පතන් (18) නොබිඳුන ලකුණු 30 සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග‍්‍රහණය තහවුරු කළහ.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම  ඕවර 20 තුළදී සියලූදෙනා දැවී 128
(මහේල ජයවර්ධන 66, ඬේවිඞ් වෝනර් 21, සුනිල් නරේන් 23/4, බ්‍රෙට් ලී 40/2)

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම  ඕවර 18.4 ක් තුළදී  කඩුලූ 4 ක් දැවී 129
(ගෞතම් ගම්භීර් 43, ජැක් කාලිස් 23, මනෝජ් තිවාරි 23, ඉයන් මොර්ගන් 13, යූසෆ් පතන් 18, ශාභාස් නදීම් 22/2)

(**)