මහේල ජයවර්ධන ආබාධයට ලක්වෙයි


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා මෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන ආබාධයකට ලක්වීමෙන් බංග්ලාදේශයට එරෙහිව ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. පිලට එරෙහිව එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා (17 වැනිදා) අවසන් වූ තරගයේ ස්ලිප්හි පන්දුරකිමින් සිටි මහේල උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී වම් අතේ මැදැගිල්ල ආබාධයකට ලක්ව තිබේ.

මහේලගේ මැදැගිල්ල ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කර එය මේ වන විට  ඕස්ටේ‍්‍රලියාවට යොමු කර ඇති බවත් එහිදී ලැබෙන වෛද්‍ය උපදෙස් අනුව මහේල කොපමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටිය යුතුද යන්න තීරණය කිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරිකු පැවසීය.

මහේලගේ ආබාධය එතරම් බරපතල නොවූව ද අවම වශයෙන් සති තුනක් ක‍්‍රීඩාවෙන් ඉවත්වීමට සිදුවිය හැකි බව වාර්තා වේ.