මහේන්ද්‍ර දෝණිට වරෙන්තු : විෂ්ණු දෙවියනට ඇඳලා


හින්දූන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විෂ්ණු දෙවියන් ලෙස ඉන්දියාවේ බිස්නස් ටුඩේ සඟරාවේ වෙළෙඳ දැන්වීමට පෙනී සිටීමෙන් ආගමික හැඟීම් කෙළෙසීයැයි ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ නායක එම් එස් දෝණි අත්අඩංගුවට ගැනීමට හයිද්‍රබාද් උසාවියක් වරෙන්තු නිකුත් කළේය.

සිතාසි නිකුත් කර තිබිය දී අවස්ථා තුනක දීම ඔහු උසාවි නොපැමිණි නිසා වරෙන්තු නිකුත් කැරිණි.

ලොකු ගනුදෙනුවල දෙවියා යනුවෙන් දෝණිගේ ඡායාරූපය යටින් එම පුවත්පතේ කවරයේ කතාව පළ කර ඇත්තේ 2013 අප්‍රේල් මාසයේ දීය.

විශ්ව හින්දු පර්ශදය උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරමින් දෝණි හින්දු ආගමට අපහාර කළැයි කියා සිටියේය. ඔහුට එරෙහිව නවදිල්ලිය, පූනේ හා තවත් නගරවල නඩු පවරා ඇත.