(අංජුල මහික වීරරත්න)
එළඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට ඇති සහල් තොග හා වී තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කෘෂිකාර්මික අංශයේ තොරතුරු හා දත්ත රැස්කිරීම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය.
දැනට සිදු කර තිබෙන පුරෝකථනයන් අනුව පවතින සහල් හා වී තොග 2023/24 මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් ප්‍රමාණවත් වනු ඇති බවත්, සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇති බවත් එම මධ්‍යස්ථානය අවධාරණය කළේය.
එමෙන්ම අතිරේක ආහාර බෝග වන මුං ඇට, කව්පි, උඳු, රටකජු හා කුරක්කන් ද අවශ්‍ය ප්‍රමාණයට තොග රට තුළ පවතින නිසා ආහාර හිඟයක් ඇතිවීම සම්බන්ධව බියක් තබා ගත යුතු නැති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
එමෙන්ම කුකුළු මස් හා බිත්තර ද මෙම වසර අවසන් වන තෙක් පාරිභෝජනයට අවශ්‍ය තරම් පවතින බවත්, එළවළු මිල ඉහළ යාම පවතින නියඟය හමුවේ තවදුරටත් පවතින අයුරින්ම තිබෙනු ඇතැයි ද එම මධ්‍යස්ථානය අදහස් පළ කළේය.

