මහියංගනය නිදහංගල සොරබොර ජනපදයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට වෑන් රථ තුනකින් පැමිණී 15 දෙනෙකුගේ කණ්ඩායමක් පෙර දින රාත්‍රී වෙඩි තබා පලා ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
කාර්යාලයයේ සිටි ආබාධිත හිටපු හමුදා කර්නල්වරයකු ට හා තවත් දෙදෙනකුට ඔවුන් පහර දී ඇතැයි ද, තුවාල ලැබූ හිටපු කර්නල් මහියංගනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඔවුහු පවසති.

