මහියංගනයේ දහසක් සිල් සමාදන් වෙති


බුදු තෙමඟුල සමරමින් උවැසි උවැසියෝ දහසක් පමණ අද උදෑසන  ඓතිහාසික මහියංගණ රජ මහා  විහාරයේ  පෙහෙවස් සමාදන් වුහ.

මහියංගණ රජ මහා විහාරාධිපති  උරුලෑවත්තේ  ධම්ම රක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන්  සියළු ආගමිකවතාවත් සිදු කැරිණි.