මහියංගන රෝහලේ පරිගණක ඒකකය යථා තත්වයට


(සමන් පාලිත නානායක්කාර)

ගංවතුරට හසුව අක්‍රිය වී තිබූ මහියංගන රෝහලේ සියලු පරිගණක උපාංග නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව මහියංගන රෝහල් ආරංචි මාර්ග පැවසීය .

පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුවේ පරිගණක අලුත් වැඩියා කිරීම සම්බන්ධ තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම පරිගණක උපාංග සියල්ල රෝගී ජනතාවගේ හිත සුව පිණිස අලුත්වැඩියා කිරීමට දායක වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.