ගාල්ල මහින්ද විද්‍යාලය හා බැඳුණූ ප්‍රෞඩ ඉතිහාසය හා ඒ තුල අන්තර්ගත රසවත් සිදුවීම් මෙන්ම ජාතික ගීය බිහි කිරීම නිදහසේ අරගලයේදී එම විදුහල ඉටු කළ ජාතික මෙහෙය මෙන්ම බිහි කළ ශ්‍රේෂ්ඨ ආදි සිසුන් ගැන කරුණු රැසක් ඇතුළත් තවත් ග්‍රන්ථයක්ද එළි දක්වා තිබේ.
මේ මහින්ද ශාස්ත්‍ර ශාලා හෙවත් ‘මා දුටු මහින්දය‘ නම් වු එම නවතම කෘතියේ කතුවරයා වනුයේ 1943 සිට මහින්දයේ පහළ බාලාංශයේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා විද්‍යා ගුරු නියෝජ්‍ය විදුහල්පති වශයෙන්ද වසර 50 කට අධික කාලයක් මහින්දය හා එක්ව කටයුතු කළ නිශ්ශංක ද සිල්වා මහතායි.
මීට පෙර වුඩ්වර්ඩ්,අවුට් ඔප් හිස ලයිෆ් ඇන්ඩ් නොට්,සෙන්චරි ඔප් මෙමරිස්,මහින්දේ තමයි ඉස්කෝලේ ,හිස්ටෝරි ඔෆ් මහින්ද කොලේජ්,යට ගිය නිධානය ඇතුළු ග්‍රන්ථ රැසක් හා අනුර මාධව ජයසේකර නිර්මාණය කළ ‘මහින්ද පුරාණය‘ මෙන්ම බන්ධුල නානයක්කර නිර්මාණය කළ ‘මහින්ද මහිම‘ සංයුක්ත තැටි දෙකක් ද එළි දැක්විණි.