මහින්දානන්දට - නලින්ට තවත් නඩුවකට අධි චෝදනා


(මනෝප්‍රිය ගුණසේකර)

2015 ජනපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාට වාසි සලසන අයුරින් සතොස ආයතනය හරහා  ආනයනයක කළ කැරම්බෝඩ් සහ දාම් බෝඩ්  ක්‍රිඩා සංගම්වලට බෙදා හැර ඇති බව චෝදනා කරමින් හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ ක්‍රිඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්  මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිට විරුද්ධව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  මංජුල තිලකරත්න මහතා අද බාර දුන්නේය.

අනතුරුව සැකකරුවන් රුපියල් ලක්ෂයක  මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරිර ඇප මත මුදා හරින ලෙස ද නියෝග කෙරිණි.

දැනට සිර දඬුවම් විදින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

(ඡායා ජයමාල් චන්ද්‍රසිරි)