හිටපු කී‍්‍රඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ නීතී විරෝධී ලෙසින් සහ අයථා ලෙසින් මහජන මුදල් සහ දේපල වංචාකර වත්කම් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ, බිරියගේ සහ පුත‍්‍රයාගේ බැංකු ගිණුම් හයකට අදාළ බැංකු වාර්තා රහස් පොලීසිය වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එම්. මිහාල් මහතා ඊයේ (20) අදාළ බැංකු කළමණාකරුවන් වෙත නියෝග කළේය.
ඔවුන් තිදෙනා නමින් ඇති බැංකු ගිණුම් හයකට අදාළව වර්ෂ 2010 සිට 2015 දක්වා වූ වසර පහක ගිණුම් සම්බන්ධයෙන් වූ තොරතුරු රහස් පොලීසිය වෙත ලබා දෙන ලෙසට අධිකරණ නියෝගයේ සදහන් කර ඇත.
එසේම, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ රාජගිරියේ මිලදී ගෙන ඇති බව කියන ඉඩමක් සම්බන්ධයෙන්ද පරීක්ෂන ආරම්භ කර ඇතැයි ද රහස් පොලීසිය අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබිණ.