මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ ලබාදුන් දීමනා නොලැබෙන බවත් ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම් කරන බවත් ජනමාධ්‍යවේදීන්ට බලපෑම් කරන බවත් කියමින් ඒවාට විරුද්ධව අද (8) යෙදෙන ලෝක කාන්තා දිනයේදී නවගමුව පත්තිනි දේවාල භූමියේදී විශේෂ පූජාවක් පැව්ත්විණි.
කොළොන්නාව හිටපු මන්ත්‍රීනි අශෝකා ලංකාතිලක ඇතුළු ශ්‍රීලනිපයේ කාන්තා පිරිසක් එය සංවිධානය කළ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ බිරිය ශිරන්ති රාජපක්ෂ ද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඡායාරූප - බුද්ධික කුමාරසිරි













