2013 රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉයුමනයිඩ්ස් නාට්‍යය සුදුසුකම් ලබා ඇත. ශ්‍රී ලංකා නාට්‍ය ඉතිහාසයේ පාසල් නාට්‍යයක් රාජ්‍ය නාට්‍ය උළෙලක අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. 2008 වර්ෂයේ සිට අඛණ්ඩව පාසල් නාට්‍ය උළෙලේ ග්‍රීක හා සේක්ෂ්පියර් සිංහල නාට්‍ය අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ඇත්තේ ද මහින්ද විද්‍යාලයයි. ග්‍රීක නාට්‍යකරුවකු වූ ඊස්කිලස් විසින් ලියන ලද මෙය ආරියවංශ රණවීරගේ පරිවර්ථනයකි.
නාට්‍යයේ නිෂ්පාදන කළමණාකාරීත්වය සහ සහය අධ්‍යක්ෂණය මහින්ද විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය වූ රේණුකා වන්නිආරච්චි විසින් සිදුකරන අතර සවුත්ලන්ඩ්ස් බාළිකා විද්‍යාලයේ රණසිංහ අධිකාරී අධ්‍යක්ෂවරයාය. ජගත් පද්මසිරි අංග රචනය සහ ඇඳුම් නිර්මාණය කරයි. පසුතල නිර්මාණය චිත්‍රකලා ගුරුවරයා වන සරත් වීරසිංහගෙනි. සංජීවන් ගුණතිලක සංගීත නිර්මාණය කරයි. ආලෝකය වසන්ත කුමාරගෙනි.
නාට්‍ය නිර්මාණ අතර රඟ දැක්වීමට ඉතා අසීරු නාට්‍යයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ඉයුමනයිඩ්ස් නාට්‍යය නිර්මාණය කැර ඇත්තේ ඉතා සුළු වශයෙනි. නළු කැල පනහකට අධිකය. නිළියන් ගාල්ල සංඝමිත්තා හා සවුත්ලන්ඩ්ස් දෙවිදුහලෙනි.
පෙබරවාරි මස 16 වැනි දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් තරඟ වටය වෙනුවෙන් වේදිකාගත වන මෙම නාට්‍යය පෙබරවාරි 11 දා සවස 2.30 ට සහ 6.30 ට පාසල් සිසුන් සහ ගාල්ලේ වැසියන් ඉදිරියේ රඟ දැක්වීමට ද නියමිතය.