මහින්දට යහපාලනය එපාවේ


රටට වුණු විපර්යාසය ගැන ඇසිය යුත්තේ ජනපතිගෙන් බව හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද මහ නුවර දී කීවේය.

‘අපි යහපාලනය දෙස බලා ඉන්නවා. රටට වෙච්ච විපර්යාසය ගැන ජනතාවගෙන් ඇසූවිට තේරෙනවා. විපර්යාසය ගැන ජනාධිපතිතුමාගෙන් තමයි අහන්න ඕනෑ. පසුගිය ජනවාරි අට වැනි දා අපේ රජය පැරදුනා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණා. ඒ ගැන සුබපතනවා. නමුත් යහපාලනය ගැන නම් සෑහීමකට පත් වෙන්න හැකියාවක් නෑ.‘