රජයේ ආයතන කිහිපයකින් වැටුප් ගත්තැයි ද, ව්‍යාජ ලියැවිලිවලින් පිටරට ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියකු වූ චම්පක කරුණාරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
රුපියල් 25000ක මුදල් හා රුපියල් දස ලක්ෂය බැලින් ඇප කරුවන් දෙදෙනකුගේ ඇප මත මුදා හළ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි.
විභාගය මාර්තු 17ට කල් තැබිණි.
සැකකරු රිමාන්ඩ් කිරීමට තරම් පැමිණිල්ලෙන් සාක්කි ඉදිරිපත් නොකළ බව අධිකරණයේ දී කියැවිණි.

