හිටපු ජනාධිපති යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කළ වාහන 700 කට වූ දේ සොයා රහස් පොලිසිය පරීක්ෂණ අරඹයි.
ජනාධිපති ලේකම් කාර්යාල නිලධරයකුගේ පැමිණිල්ලක් අනුව පොලිස්පති නියමයෙන් මේ පරීක්ෂණය පැවැත්විණි.
සුඛෝපබෝගී කාර් හා ජීප් රථ ඇතුළු මෙම වාහන පාවිච්චි කරන අය හා එහි ලැයිස්තුවක්ද රහස් පොලිසිය සතුය.
ඩිෆෙන්ඩර 5 ක්ද ප්‍රාඩෝ ජිප් රියක්ද සොයා ගත් බව රහස් පොලිසිය පවසයි.

