‘මහින්ද ඔබ සමගද? කැමති කෙනෙක් සිටී නම් මැයි 16 උදේ 10 ට අම්පාර ඔර්ලෝසු කණුව අසලට පැමිණෙන්න‘ යනුවෙන් පෝස්ටර් ගසා තිබිණි.
එහෙත් නියමිත වේලාවට පැමිණි ගණන 6 දෙනෙකියි කියති. රාජපක්ෂ මහතාගේ කටවුට් රැගත් ඒ හය දෙනා ඔර්ලෝසු කණුව වටරවුමේ වාඩිවී සිටියහ. මිනිත්තු 5 කට පමණ පසු ඔවුහු එම කටවුට් රැගෙන බස් නැවතුම පාරේ තාප්පයකට හේත්තුවූහ.
මහින්ද රාජපක්ෂ මහතාද පැමිණියේ නැත.





