මහින්දගේ මස්සිනා ජනපති කොමිසමට එයි


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති හා හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ ගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට අද (28) බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණියේය.

2015 ජනපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී මූල්‍යමය පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව සාක්කි ලබාගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද කොමිසමට අද කැඳවා තිබූ නමුත් මෙතෙක් ඔහු පැමිණ සිටියේ නැත.

ස්වාධීන රූපවාහිනී හිටපු සභාපති අනුර සිරිවර්ධන හා නීතිඥ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් කොමිසමට පැමිණ සිටියහ.

c2d5cc477333993560fba5a41aa6643174d28be4ccbde63660f14d64a4f54d37 edbd5c6d5d9fe1247751b4e262e55dcf4a2eee18140112ed69a00898601796f0

2cbe24ec843c8d80d42016128227c2277c07e4f93

ජායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා