මහින්දගේ බහුතරය 29 පෙන්වනවා


(ආරියරත්න රණබාහු)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට මන්ත්‍රීවරු  113 කගේ  බහුතර බලයක් තිබෙන බව මේ මස 29 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කොළඹදී අද (26) පැවැසීය.

ඉන්පසු මෙම අර්බුදය සමතයකට පත්වන බව පැවැසු සෙනෙවිරත්න මහතා කතානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාවට අනුව කටයුතු කළේ නම් මෙම සිදුවීම මෙතරම් දුරදිග නොයන බවද කීය.

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි සේවා ආයතනයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව කී ඇමැතිවරයා තේරිම් කාරක සභාවේ සංයුතිය සකස් කිරීමේදීය කතානායකවරයා අපක්ෂපාතීව කටයුතු නොකළ බව පැවැසීය.

එක්සත් ජාතික පෙරමුණ රජය සමඟ ජනාධිපතිවරයා කටයුතු කළ පසුගිය වසර තුන හමාර තුළම විවිධ වූ ප්‍රශ්න ගැටළු රැසක් මතුවූ බවද කී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විද්‍යානුකුල ඇමැති මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය අසාර්ථක වීම නිසා රට විශාල කඩා වැටීමකට ලක් වූ බවද කීය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍යානුකූලව සහ සම්ප්‍රදායානුකූල මුදල් අමාත්‍යාංශයට අයත් විය යුතු වුවත් එය බවත් අමාත්‍යාංශයකට යටත් කිරීම මුදල් ඇමැතිවරයා පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් මහතා  පත් කිරීම වැනි කරුණු වලදී ජනාධිපතිවරයාගේ තීරණ වලට ගරු නොකර අත්තනොමතික ලෙස කටයුතු කිරීමෙන් තමාගේ පැරණි එජාප මිතුරන් කළ කී දේවල් නිසාම මෙම අර්බුදය දිනෙන් දින ලියලා යැවුනු බවද හෙතෙම පැවැසීය.