මහින්දගේ බඩු හොයන්න සීඅයිඩිය වෙනත් ගෙවල්වලට පැනලා


‘රහස් පොලිසිය මගේ බඩු හොයන්න අද වෙනත් ගෙවල්වලට ගිහිල්ලා. මගේ බඩු තියෙන්නේ මගේ ගෙදර. වෙනත් අයගේ ගෙවල්වල මගේ බඩු නැහැ‘ අද (1) කොරතොට පුරාණ පත්තිනි දේවාලයේ බෝධියේ රන්වැට විවෘත කිරීමේ උත්සවයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එසේ කීවේය.

ඔහු පැය බාගයක් පමණ පමාවී එහි පැමිණියේය. පමාවට හේතුව ලෙස රාජපක්ෂ මහතා පැවසූයේ රහස් පොලිසිය තමන්ගේ බඩු සෙවීමට වෙනත් ගෙවල්වලට යාම ගැන සොයා බැලීමට සිදුවීම බවයි.

‘මට ඕනෑතරම් නින්දා කරන්න. අපහාස කරන්න. හැබැයි රටේ ආරක්ෂාව අනතුරකට පත් කරන්න එපා. හානියක් කරන්න එපා.‘

 

a B D E F G h