මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ඔහුගේ භාර්යාව ඇතුළු පවුලේ සාමාජිකයන් නව දෙනකුගේ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් 80ක ගිණුම් පිළිබඳ විස්තර රහස් පොලිසියට දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම බැංකුවලට අද නියෝග කළේය.
ගිය රජය කාලයේ ගාමිණී සෙනරත් අයතා ලෙස මුදල් උපයාගෙන ඇති බලට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් රහස් පොලිසිය උසාවියට කරුණු වාර්තා කළේය.
මුදල් විශුද්ධිකරන පනත යටතේ මෙම පැමිණිලි ගොනු කර ඇත.

