මහින්දගේ දියකාවුන් ගැන හැරිසන් කියයි


බෙල්ල හිරකර දියකාවුන් යොදවා චීනය මාළු අල්ලන ක්‍රමයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිද විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන,ගම්මන්පිල හා වාසුදේව යන දියකාවුන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බිලීබාගන්නට යොදා ඇතැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා තලාව ප්‍රදේශයේ පැවති ජන හමුවක දී පැවසීය.

‘චීනේ මාළුකාරයෝ දියකාවෝ රංචුවක් අල්ලන් බෝට්ටුවේ දාගෙන ගිහිල්ලා දියකාවගේ බෙල්ල ටිකක් හිරවෙන්න රෙදි පටියකින් බඳිනවා. බැඳලා වැවට දානවා වැවට දැම්මට පස්සේ  දියකාවා යට ගිහිල්ලා ලොකුම ලොකු මාළුවෙක් අල්ලගෙන එනවා. අල්ලගෙන ආවට උඩට ඇවිල්ලා කන්න බෑ. ඌ ආයෙත් කෙලින්ම බෝට්ටුව ළගට ඇවිල්ලා ඒ මාළුවා දානවා එතන්ට. එහෙම තමයි චීනෙ මිනිස්සු මාළු අල්ලන්නේ.‘ යැයිද හැරිසන් අමාත්‍යවරයා කීය.

harison-p_20151011327 harison-p_20151011327-2