හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ලේ දී අද (12) පෙරවරු 9.26 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කැරිණි.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටින හිටපු ඇමැති විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහත්වරුන් එම අවස්ථාවට පැමිණ සිටියේ නැත.
මන්ත්‍රී පද්ම උදය ශාන්ත කීවේ වීරවංශ මහතා විදේශ ගතව ඇති බවයි.
බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය. මීට පෙර ඇමැති විමල් වීරවංශ ප්‍රසිද්ධියේ බැසිල් රාජපක්ෂ විවේචනය කළේය.






